iranama
අත්ලේ පිහිටි ලපවලින් හෙළිවන පලාපල
අත්ලේ පිහිටන රේඛා මණ්ඩලවල ස්වභාවය මෙන්ම අත්ලක පිහිටන විවිධ සලකුණු මගින්ද කෙනකුගේ ජීවිතයට බලපාන සුබ අසුබ තත්ත්වයන් විග්රහ කළ හැකිය. ඒ අයුරින් අත්ලේ පිහිටන විවිධ සලකුණු පිළිබඳව පසුගිය ලිපිවලින් විස්තර කළා ඔබට මතක ඇතැයි සිතමි. අද අපි විස්තර කරන්නේ තවත් එවැනිම සලකුණක් පිළිබඳවයි. ඒ අත්වල පිහිටන ලප පිළිබඳවයි. ලපය කියා හැඳින්වුවත් හැම එකක්ම රවුම් ආකාර නොවේ. නොයෙකුත් හැඩයට ඒවා පිහිටිය හැක. සමහර ඒවා දිගැටි හැඩයෙන් යුක්ත වන අතර සමහර ඒවා තිතක් මෙන් පිහිටිය හැක. සමහර ලප ප්‍රමාණයෙන් ලොකු වුවත්, පුංචි ලපද දැකිය හැකියි. පාට ගැන සඳහන් කළ යුත්තේත් ඒ ටිකමයි. හැම ලපයක්ම කළු නැහැ. දුඹුරු පාට, රතුපාට ලපත් අත්වල පිහිටිය හැකියි. අත්ලේ පිහිටි කළුපාට ලපවලින් අසුබ ඵල වැඩිවන අතර දුඹුරු හෝ රතුපාට ලපවලින් ඒ තරමට අශුභ තත්ත්වයන් සිදු නොවෙන බව හස්ත රේඛා විද්‍යාවේ සඳහන් වෙයි. සමහර අයගේ අත්වල උත්පත්තියෙන්ම ලප පිහිටිය හැකි අතර සමහර අයගේ තාවකාලිකව ලප වැටිය හැකියි. මේ අයුරින් කුමන විදිහේ ලප වුවත් අත්ලෙන් එම ලප දර්ශනය වනතාක් කල් ඒවායෙහි විපාක ලැඛෙන බව විශේෂයෙන් අමතක නොකළ යුතුය. මේ අයුරින් අත්ලේ යම් යම් ස්ථානවල ලප වැටීමෙන් ඇතිවන පලාපල කෙසේද කියා දැන් අපි සලකා බලමු.
මණ්ඩල මත
1. මේ සමඟ පළවන රූප සටහනේ 1 සටහන් කර ඇති ස්ථානය දෙස දැන් බලන්න. ගුරු මණ්ඩලය මත වැටෙන එම ලපය සුබ පිහිටීමක් නොවේ. කොපමණ සැප සම්පත් තිබුණත් නිරන්තරයෙන්ම එය මානසික පීඩාවන් ඇති වීමට හේතුවෙයි.
2. මැදඟිල්ලේ මුල පිහිටි සෙනසුරු මණ්ඩලය මත පිහිටි ලපයෙන් හදිසි අනතුරකට මුහුණ පෑමට සිදුවෙන බව පෙන්නුම් කරයි.
3. නොයෙකුත් විදිහේ නින්දා අපහාස විඳීමට ලැඛෙන හෙයින් රවි මණ්ලයටත් ලපය අසුබය. එවැන්නන්ගේ ඇස්වල ආබාධ ඇතිවන අතර සමහර විට ඇස් අන්ධ වීමටද හේතුවෙයි.
4. අංකය සටහන් වී ඇත්තේ බුධ මණ්ඩලයයි. ලපය එම ස්ථානයේ පිහිටීම ස්නායු දුර්වලතා ඇතිවීමට හේතුවන බැව් කිව හැකියි.
5. කැපීම්, කැඩීම්, වැටීම් වැනි දෙයකින් තුවාල සිදුවිය හැකි බැවින් දෙවැනි කුජ මණ්ඩලයටත් ලපය අසුබ පිහිටීමකි.
6. චන්ද්‍ර මණ්ඩලයේ කලු හෝ රතු ලපයෙන් හදිසි විපතක්් මූර්තිමත් වෙයි. අනුන් හට ණයවී පසුතැවිල්ලේ සිටින අයගේ අත්වලද ඉහත සලකුණු පිහිටිය හැක.
7. යම් යම් සමාජ රෝගවලින් පීඩා විඳින අයගේ අත්වල එම සිකුරු මණ්ඩලය මත කලු ලප දැකිය හැක. එම ලප දුඹුරු වර්ණයෙන් යුතු නම් ඔහු හෝ ඇය නෂ්ටකාමයෙන් පෙළෙන බව සඳහන් වෙයි.
8. වැනි අංකය සඳහන් වැදගත් ස්ථානය අයත් වන්නේ කුජ මණ්ඩලයටයි. කුජ ග්‍රහයා
සටන්කාමියෙකි. මේ නිසා තුවක්කු, පිහි, කඩු, කිනිසි වැනි අවි ආයුධවලින් මරු වසඟයට පත්වෙන අයගේ අත්වල මෙම පළමුවැනි කුජ මණ්ඩලයෙහි කළුපාට ලප වැටිය හැක.
9. මෙය කුජ තලාව ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වයි. මෙයත් කුජ ග්‍රහයාගේ බලපෑම් ලබන ස්ථානයක්. අත්ලේ මැද පිහිටි කුජ තලාවේ ඇතිවන ලපයෙන් නඩු හබ හෝ සතුරු කරදර ඇතිවන බව පෙන්නුම් කරයි.
ඇඟිලි මත
10. මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ ඇති ලපයෙන් කියෑවෙන්නේ එම අයට ස්නායු දුර්වලතාවක් ඇති බවයි. එවැනි ලපයක් ඇත්තේ නම් ඔහුගේ හෝ ඇයගේ පියා මියගොස් තිබිය යුතුයි.
11. මහපටඇඟිල්ලේ ඇති ලපයෙන් සතුරු කරදරයක් නිසා සිදුවන හදිසි විපතක් පෙන්නුම් කෙරේ.
12. කරන කියන කටයුතු සියල්ල නිශ්ඵල වන බව දබර ඇඟිල්ලේ නිය පිහිටි පුරුකේ පිහිටි ලපයෙන් කියාපායි.
13. මෙම ස්ථානයේ ලපය ඉතා අසුබයි. ඉතා සමීපව ඇසුරු කරන අයෙකුට කරදරයක් විපත්තියක් සිදුවිය හැක.
14. සඳහන් කර ඇති දබරැඟිල්ලේ තුන්වැනි පුරුකේ ලපයද සුබ නොවේ. රැකියාව සම්බන්ධ කරදරයක් එමගින් පෙන්නුම් කරයි.
15. එම ලපයෙන් ප්‍රකාශ වන්නේ ඔහුට හෝ ඇයට මැලේරියාව වැනි බෝවෙන රෝගයක් වැළඬෙන බවයි.
16. ජල යාත්‍රාවක ගමන් කරමින් සිටින අවස්ථාවක සිදුවන අනතුරක් එම ලපයෙන් කියෑවෙයි.
17. පදිංචි ස්ථානයට සම්බන්ධ සතුරු කරදර බලපාන බව මැදඟිල්ලේ තුන්වැනි පුරුකේ පිහිටි ලපයෙන් පෙන්නුම් කරයි.
18. වෙදැඟිල්ලේ එවන් ලප නිසා ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටෙන බව මතක තබාගන්න.
19. සමාජ තත්ත්වයේ කිසියම් බිඳ වැටීමකට හේතුවන බැවින් වෙදැඟිල්ලේ දෙවැනි පුරුකේ පිහිටි ලපය අසුබය.
20. ඇස්, කන්, නාසා වැනි හිසට සම්බන්ධ ඉන්ද්‍රියක ආබාධ ඇතිවීමට පුළුවන.
21. සුළැඟිල්ලේ නිය සහිත පුරුකේ ලපය අධ්‍යාපන කටයුතුවලට අසුබ පිහිටීමකි.
22. දුරදිග නොබලා කරන කාර්යයන්වලින් කරදර ඇතිවීමට ඉඩ ඇත.
23. ජලය, ගිනි, සුළිසුළං වැනි ස්වභාවික හේතුවකින් තමාට ලොකු අලාභයක් සිදුවන බව පෙන්නුම් කරයි.
රේඛා මත ලප සලකුණු
කිසිම රේඛාවකට ලපයේ සලකුණ සුබ පිහිටීමක් නොවේ. උමතු රෝග හෝ උණ රෝග වැළඳීමට හේතුවන බැවින් ජීවන රේඛාවට කළු ලපය අසුබය. ශීර්ෂ රේඛාවටත් ලපය අසුබ පිහිටීමක් වෙයි. මොළයට සම්බන්ධ රුධිර නාලවල දුර්වලතාවන් නිසයි. එවැනි ලප පිහිටන්නේ. හෘදය රේඛාව මත කළු ලපයක් තිබීම හෘදයාබාධයක් හෝ වකුගඩු සම්බන්ධ රෝගයක් ඇති බව පෙන්නුම් කරන අතර දෛව රේඛාවේ ලප දර්ශනය වේ නම් අදාළ වයස් සීමාවේදී තමාගේ ජීවන තත්ත්වයේ පහත වැටීමක් ප්‍රකට කරයි. සුඛ රේඛාවේ දිස්වෙන රක්ත වර්ණ ලපවලින් රක්තවාත රෝගයෙන් පෙළෙන රෝගියෙකු හඳුනාගත හැක. ඉහත ලපවලින් හෙළිවෙන දෝෂ මඟහැරෙන විදියේ වෙනත් සුබ ලක්ෂණද සමහර අයගේ අත්වල පිහිටිය හැකි බැවින් සමස්ත වශයෙන් අනිකුත් ලක්ෂණද බලා පලාපල ප්‍රකාශ කළ යුතුය.